Monday, May 30, 2016

Arduino 5 වන ලිපිය - Arduino එකෙන් voltage එක මනිමු

 


මෙී කියා දෙන්න හදන දේ ඔයාලට ගොඩාක් වැදගත් වෙීවි. ඉස්සරහදි මෙී ක්‍රමය පාව්චිච් කරල අපි ගොඩක් වැඩ කරනව. ඒක නිසා මන් හිතුව මෙීකෙ ක්‍රියාකාරීත්වය කියල දෙන්න.

මෙීකට මම පාවිච්චි කරන්නෙ අපි හැමෝම දන්න 10k ohm potentiometer. මෙීකෙන් අපට 0 සිට 5.0 දක්වා voltage එකක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙීක කරන්නෙ කියල.


මෙීකට අපිට අවශ්‍ය කරනව

  • arduino board එකක් 
  • වයර් 
  • Breadboard එකක් 
  • 10k ohm potentiometer එකක් 

මුලින්ම පහත විදිහට potentiometer එක BreadBoard එකට සවි කර ගන්න. ඒකටම වයර් ට්කත් සවි කරගන්න.





දැන් මෙී පේන විදියට එම වයර් ටික Arduino එකට සම්බන්ද කර ගන්න










දැන් මෙී Code එක upload කරන්න. මෙී code එක ඔයාලට File -- Examples -- 01.Basics -- ReadAnalogVoltage යටතේ ගන්න පුළුවන්.


void setup() {

Serial.begin(9600); // තත්පරයට bits 9600 ක් ඇතුලත් කරගන්න


}

void loop() {

int sensorValue = analogRead(A0); //analog pin 0 ඇති දත්ත කියවන්න

float voltage = sensorValue * (5.0 / 1023.0); // analog එකෙන් කියවන අගය 0-1023 අගයන් වෙී. එය 0-5 දක්වා voltage එකකට හරවන්න

Serial.println(voltage); //ලැබූ අගය Serial Monitor එකේ පෙන්වන්න

}

දැන් ඔයාලගෙ arduino software එකේ දකුණු අත පැත්තෙ උඩ පොඩි search button එකක් වගේ එකක් තියෙනවා. ඒකේ නම Serial Monitor කියල. ඉතින් ඒක උඩ click කරන්න.






එතකොට දැන් තියෙන voltage එක එතන පෙන්නාවි. potentiometer එක වමට දකුනට කරකවල බලන්න. voltage එක වෙනස් වෙන හැටි බලන්න.





සැ.යු. - මෙම code එකෙහි // වලින් පටන්ගෙන ඇති දේවල් ඔබ code කරන විට ලිවීම අවශ්‍ය නොවෙී. අප මෙීවා හදුන්වන්නේ comments ලෙසටය. ඒවා අපගේ පහසුව වෙනුවෙන් අපි දමා ගන්නා කුඩා note එකක් වැනි දෙයකි.

එහෙනම් යාළුවනේ තවත් වැඩ කෑල්ලකින් හම්බවෙමු

මතක ඇතුව ඔයාලගෙ අදහස් යටින් දාන්න යාළුවනේ. ඊලග ලිපියෙන් හමුවෙමු. මෙී ලිපියෙ තියෙන වැරදි අඩුපාඩු මතක ඇතුව පහතින් සදහන් කරන්න. 

No comments:

Post a Comment