Sunday, May 29, 2016

Arduino 3 වන ලිපිය - පලවෙනි CODE එක ලියමු


යාලුවනේ එහෙනම් අපි පලවෙනි code එක තමයි අද Arduino වල කරන්න යන්නෙ. ඉතින් අපි පලවෙනි එක විදිහට පොඩි LED එකක් නිවි නිවි පත්තු වෙන් හදමු.


මෙීකට අපිට ඔීන කරනව පහත තියෙන ඒව ටික



  • Arduino Board එකක් 
  • LED බල්බ් එකක් 
  • 220 ohm resistor එකක් (මෙී සදහා 1K resistor එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.) 
  • වයර් 
  • Arduino Software එක (මෙීක හැම පාඩමකටම අවශ්‍ය නිසා ඉදිරි ලිපි වල මෙී ගැන සදහන් නොකරයි) 


01. හරි දැන් පහත විදියට BreadBoard එකට පහත ආකාරයට Led එකයි Resistor එකයි සම්බන්ද කරගන්න. LED එකේ (+) අග්‍රයට resistor එක සම්බන්ද කරන්න.



02. ඊට පස්සෙ දැන් මෙී පේන විදියට වයර් දෙක සම්බන්ධ කරගන්න



03. දැන් පහත ආකාරයට Arduino Board එකේ 13 වන pin එකට රතුපාට වයර් එක (+) සම්බන්ද කරගන්න. ඊට පස්සෙ නිල් පාට වයර් එක GND (-) කියන pin එකට සම්බන්ධ කරන්න.


04. හරි දැන් Arduino එක USB cable එක හරහා පරිගනකයට සම්බන්ද කර ගන්න.

මම දැන් කියල දෙන්න යන්නෙ code type නොකර code ගන්න පොඩි trick එකක්.
05. ඊට පස්සෙ Arduino Software එක open කරල File යන්න. එකෙ Examples --- 01.Basics --- Blink කියන එක click කරන්න.
(යාළුවන්ට තේරෙන්නත් එක්ක මම code එකෙන් වෙන දේ තේරුම් කරල පහලින් දැම්මා)



06. දැන් පහත විදියට අළුත් Window එකක් open වෙීවි. ඒකේ code එකත් autoම ඇවිත් තියෙනව.



දැන් තියෙන්නෙ ඔය කෝඩ් එක Arduino එකට upload කරන්න. ඒක කරන්න ඔය උඩින් දකුණු අත පැත්තට තියෙන ඊතලේ ඔබන්න.



එතකොට බල්බ් එක පහත විදිහට නිවි නිවි පත්තු වෙන්න පටන්ගනීවි.



Code

void setup() {
  pinMode(13, OUTPUT);  //13 වන  digital pin එක output pin එක ලෙස ලබා දීම.
}

void loop() {
  digitalWrite(13, HIGH);   // Led බල්බය දැල්වීම HIGH මගින් සිදුකෙරේ
  delay(1000);              // තත්පරයක් සිටින්න
  digitalWrite(13, LOW);    // Led බල්බය නිවීම LOW මගින් සිදුකෙරේ
  delay(1000);             // තත්පරයක් සිටින්න

}

සැ.යු. - මෙම code එකෙහි // වලින් පටන්ගෙන ඇති දේවල් ඔබ code කරන විට ලිවීම අවශ්‍ය නොවෙී. අප මෙීවා හදුන්වන්නේ comments ලෙසටය. ඒවා අපගේ පහසුව වෙනුවෙන් අපි දමා ගන්නා කුඩා note එකක් වැනි දෙයකි.

ඔයාලට පුළුවන් අපි දාපු 1K resistor එක අයින් කරල කෙලින්ම LED එකට වයර් සම්බන්ද කරන්න. හැබැයි පරිස්සමෙන් USB  cable එකෙන් විතරක් විදුලිය දෙන්න. නැත්තම් බල්බ් එක පිච්චිලා යාවි.

ඊලග ලිපියෙ RGB LED එකත් එක්ක වැඩ කරන්නෙ කොහොමද කියල කියල දෙන්නම්කො....

මතක ඇතුව ඔයාලගෙ අදහස් යටින් දාන්න යාළුවනේ. ඊලග ලිපියෙන් හමුවෙමු. මෙී ලිපියෙ තියෙන වැරදි අඩුපාඩු මතක ඇතුව පහතින් සදහන් කරන්න. 

No comments:

Post a Comment