Sunday, May 29, 2016

Arduino 4 වන ලිපිය - RGB LED එකක් දල්වමු


අපි දැන් දන්නවා LED එකක් නිවි නිවි පත්තු කරන්න. අපි මෙී පාර RGB (red, green, blue) බල්බ් එකක් පත්තු කරමු. මෙීකෙ cords ඔයාලට ඔීන විදිහට වෙනස් කරල එක එක විදිහට බල්බ් එක පත්තු කරන්න පුලුවන්.


 මෙීකට අපිට පහල තිබෙන ද්‍රව්‍ය ටික ඔින වෙනව යාලුවනේ

  • RGB LED Bulb එකක්
  • Arduino Board එක
  • 1K resistor එකක්
  • වයර්

මෙී තියෙන්නෙ RGB බල්බ් එකක්. ඒකේ දිග අග්‍රය අපි (-) අග්‍රය ලෙස ගමු. 



හරි දැන් පහත විදිහට අපි බල්බ් එක BreadBoard එකට සම්බන්ද කරල 1K resistor එක බල්බ් එකේ (-) අග්‍රයට සම්බන්ද කරගන්න.



දැන් පහත විදියට වයර් අමුනගන්න (මම මෙීකෙ නිල් අග්‍රයට නිල් වයරයක්ද, රතු අග්‍රයට රතු වයරයක්ද, කොල අග්‍රයට කොල වයරයක්ද පාවිච්චි කරල තියෙන්නෙ)



දැන් පහත විදිහට වයර් ටික Arduino එකට සම්බන්ද කරගන්න. රතු වයරය 8 වන pin එකටද, කොල වයරය 9 වන pin එකටද, නිල් වයරය 10 වන pin එකටදල දම් පාට වයරය GND pin එකටද සවි කර ගන්න.



දැන් පහත code එක Arduino එකට Upload කරල බලන්න.

int ledred = 8; //අපි මෙවැන් Assign කිරීමකට කියන්නෙ global variable එකක් කියල. *
int ledgreen=9; 
int ledblue=10; 
void setup() {
  pinMode(ledred, OUTPUT); //8 වන  digital pin එක රතු output pin එක ලෙස ලබා දීම
  pinMode(ledgreen, OUTPUT);//9 වන  digital pin එක කොල output pin එක ලෙස ලබා දීම
  pinMode(ledblue, OUTPUT);//10 වන  digital pin එක නිල් output pin එක ලෙස ලබා දීම
}

// the loop function runs over and over again forever
void loop() {
  digitalWrite(ledred, HIGH); //රතු පාට LED එක දල්වන්න
  delay(500);              
  digitalWrite(ledred, LOW); //රතු පාට LED එක නිවන්න
  delay(500);              

  digitalWrite(ledgreen, HIGH); //කොල පාට LED එක දල්වන්න  
  delay(500);              
  digitalWrite(ledgreen, LOW);   //කොල පාට LED එක නිවන්න 
  delay(500);   

  digitalWrite(ledblue, HIGH);   //නිල් පාට LED එක දල්වන්න 
  delay(500);             
  digitalWrite(ledblue, LOW);    //නිල් පාට LED එක නිවන්න
  delay(500);     
}

*global variable එකක් code එකේ ඔීනෑම function එකක සිට access කරන්න පුළුවන්.

සැ.යු. - මෙම code එකෙහි // වලින් පටන්ගෙන ඇති දේවල් ඔබ code කරන විට ලිවීම අවශ්‍ය නොවෙී. අප මෙීවා හදුන්වන්නේ comments ලෙසටය. ඒවා අපගේ පහසුව වෙනුවෙන් අපි දමා ගන්නා කුඩා note එකක් වැනි දෙයකි.

එහෙනම් යාළුවනේ තවත් වැඩ කෑල්ලකින් හම්බවෙමු

මතක ඇතුව ඔයාලගෙ අදහස් යටින් දාන්න යාළුවනේ. ඊලග ලිපියෙන් හමුවෙමු. මෙී ලිපියෙ තියෙන වැරදි අඩුපාඩු මතක ඇතුව පහතින් සදහන් කරන්න. 

1 comment: